Tuesday, October 22, 2024
Follow Us
ඇමති නිල නිවාසවල ඉන්න මන්ත්‍රිවරු 09ක් යන්නේ නෑලු - එක් අයෙකුට ඉන්න දෙන්නැයි අගමැති කියලා

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරු 10 දෙනෙකු තවදුරටත් අමාත්‍යවරුන්ට හිමි නිල නිවාස භාවිත කරන බව වාර්තා වනවා.

අමාත්‍ය ධුරවලින් ඉවත් වීමෙන් පසු නිල නිවාස ආපසු භාර දිය යුතු වුවද ඔවුන් මෙතෙක් එය සිදු කර නොමැති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ. නිල නිවාස භාර දෙන ලෙස අවස්ථා කිහිපයකදී ඔවුන්ට දැනුම් දී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ටී. බී. ඒකනායක, ෆයිසිර් මුස්තාෆා, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, සුමේධා ජී. ජයසේන, දුලිප් විජේසේකර සහ මහින්ද අමරවීර යන මන්තී‍්‍රවරුන් මෙලෙස තවදුරටත් අමාත්‍යවරුන්ට හිමි නිල නිවාස භාවිත කරන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මහින්ද අමරවීර මන්තී‍්‍රවරයාට හිමි නිල නිවස ඔහුගෙන් යලි ලබා නොගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ඔහු විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා වන බැවින්.

මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ද සිය ධූරයේ කටයුතු කළ සමයේ හිමිවූ නිල නිවස භාර දී නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ අනුව නිල නිවාස භාර නොදීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවටද මෙම පිරිසට දැනුම් දී ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ.

(Neth)