Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානයේ අපේක්ෂකයා බොහෝදුරට ගෝඨා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහිකරන නව සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බොහෝ දුරට ගෝඨාභය රාජපක්ෂ මහතාම වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

ශ්‍රීලනිපයේත් එකඟතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවනු ඇත්දැයි මාධ්‍ය කළ විමසීමකදී දිසානායක මහතා පැවසුවේ කවර තත්වයක් යටතේ වුවත් ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන්නේ එකම අපේක්ෂකයකු පමණක් බවයි.

ඒ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දැන් හමුවී සාකච්ඡා කර ඇති බැවින් අගෝස්තු 11 වනදාට නිසැක වශයෙන්ම අපේක්ෂයා එළිදක්වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)