Tuesday, October 22, 2024
Follow Us
එජාප ජනපති අපේක්ෂකයා රනිල් – සජිත් එකඟතාවයෙන්

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී 05 යෝජනා විය.

පක්ෂ නායකත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා මුණ ගැසී එකඟතාවයක් ඇති කරගන්නා තෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිසිවක් සිදු නොකළ යුතු බවට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බහුතර මතය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී (05) පස්වරුවේ පැවැත්වුණේ මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්විම් පිළිබඳ සාකච්ඡා කිරීමටය.

(Lanka Leads)