Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රීලනිපය අතැර පොහොට්ටුවෙන් පිපෙන මලක් වීමට ඩිලාන් සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තමන්ට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

තමන් බලාපොරොත්තු වන මාර්ගයේ ගමන් කිරීමට ශ්‍රීලනිපය එකඟ නොවන්නේ නම් රටේ ජනතාවගේ වුවමනාව අනුව මෙම පියවර ගැනීමට සිදුවන බවයි ඒ මහතා සඳහන් කළේ.

ශ්‍රීලනිප සතුව ඇත්තේ අයිසින් ටික පමණක් බවත් කේක් ගෙඩිය යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඒ මහතා අවධාරණය කළේය.

එසේම මේ මොහොත වනවිටත් සජිත් ප්‍රේමදාස මහතා හරහා ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්කිරීමේ කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) බදුල්ලේදී මාධ්‍ය අමතමිනි.

ඩිලාන් පෙරේරා මහතාගේ පියාවන මාර්ෂල් පෙරේරා මහතා පෙරේදා (01) දිනයේදී ඌව පළාත් ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ද ජනාධිපතිවරයා වෙත භාරදී තිබුණු බව වාර්තා විය.

(LNW)