Tuesday, October 22, 2024
Follow Us
මම සජිත්ට උදව් කරනවා. ඕනෙ නම් මාව අයින් කරපං - හරීන්

තමන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටීම නිසා තමන්ගේ ක්‍රීඩා අමාත්‍ය ධුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහෝසි කිරීමට පක්ෂයේ කිහිප දෙනෙකු උත්සාහ දරමින් සිටින බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

"මාව ක්‍රීඩා ඇමතිකමෙන් අයින් කරන්න කියලා මුං මං සජිත් ප්‍රේමදාසට වැඩ කරන නිසා. ඒනිසා මං විශේෂයෙන් කියනවා, ඒ කියපු කට්ටිය දන්නවා ඇති ඒ කියපු එක්කෙනෙක් මේ ආණ්ඩුව නැතිකරන්න මූලික වශයෙන්ම කටයුතු කළ කෙනෙක්. මං සජිත් ප්‍රේමදාසට උදව් කරනවා, ඕනෙ නම් මාව අයින් කරපං. මට ප්‍රශ්නයක් නෑ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති උත්වයක් අමතමිනි.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ද මීට පෙර හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබිණි.

(LNW)