Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රීලනිප – පොහොට්ටු සාකච්ඡාවට ” උපජනපති – උපඅගමැති ” හරස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ ( පොහොට්ටුව ) අතර පවත්වන සාකච්ඡා මාලාවට ‘ උපජනාධිපති හා උපඅගමැති ‘ තනතුරු හරස් වී ඇති බවට අපහට වාර්ථා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ අතර පැවෙත්වන සාකච්ඡාවේදි ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නම් කෙරෙන පුද්ගලයා පිළිබඳ වූ තීරණය ඉතා තීරණාත්මක කරුණක් බවට පත්ව තිබේ.

මෙහිදී දෙපාර්ශවයට එක්වීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබියයුතු ස්ථාන පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්කර ඇති අතර , එහිදී ජනාධිපති අපේක්ෂත්වය හෝ අගමැති අපේක්ෂත්වය ලබා දීමට පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිතයෝ කැමැත්තක් පළ කර නොමැති බවද වාර්ථා වේ.

එසේම ව්‍යවස්ථාව සංශෝධනයකට ලක්කර උපජනාධිපති ධූරයක් හඳුන්වා දිමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් යෝජනාවක් ගෙනවිත් ඇති අතර , ඒ සඳහා පොදුජන එක්සත් පෙරමුණේ යෝජනාව වි ඇත්තේ උපජනපති තනතුර වෙනුවට උපඅගමැති තනතුරක් ස්ථාපිත කිරීමට සලකා බැලිය හැකි බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති අතර , මෙම කරුණ පිළිබඳ දීර්ඝව කරුණු සලකා බැලීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්ථා වේ.

මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදි අවසන එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇති බවද දෙපාර්ශවයේ නියෝජිතයෝ අපේක්ෂා කරති.

(Lanka Leads)