Tuesday, October 22, 2024
Follow Us
සජිත්ගේ සමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්නැයි පොහොට්ටුවෙනුත් අභියෝගයක් !

හැකිනම් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සාමාන්‍ය පෙළ විභාගයේ සහතිකය පෙන්වන්නැයි තමන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඊයේ (01) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පැවසුවේ හැකිනම් මෙරට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලැබූ ප්‍රතිඵලය දැක්වෙන සහතිකය ප්‍රසිද්ධ කරන්නැයි තමන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවයි.

එජාප උපනායක රවී කරුණානායක මහතාම මේ පිළිබඳ විවිධ කරුණු ප්‍රකාශ කර ඇති බව ද ඒ මහතා සිහිපත් කළේය.

කාංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ පසුගියදා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)