Tuesday, October 22, 2024
Follow Us
ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය අවශ්‍ය වෙලාවට අහෝසි වෙයි - උදය ගම්ම්පිල

ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයන්ගේ ලේඛනයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නොතිබීම සම්බන්ධයෙන් කිසිවෙකු කලබල නොවිය යුතු බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අවශ්‍ය ‍මොහොතේදී පුරවැසිභාවය අහෝසි වීම සිදුවනු ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට අදාල අවසන් ලිපි ලේඛන පසුගිය මැයි මාසයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු බලධාරීන් වෙත භාර දී ඇති බව ද ගම්මන්පිල මහතා පවසනවා. ඒ අනුව අගෝස්තු මුලදී ඇමරිකානු බලධාරීන් විසින් නිකුත් කරන ලේඛනයේ ඔහුගේ නම ඇතුළත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මීට පෙර නිකුත් වූ ලේඛනයේ සඳහන් වී ඇත්තේ මාර්තු 31 වැනිදා දක්වා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වූ පුද්ගලයන්ගේ නම් බව ද ජුනි 30 දක්වා පුරවැසිභාවය අහෝසි කරන ලද පුද්ගලයන්ගේ ‍නම් අගෝස්තු මුල නිකුත් කරන ලේඛනයේ සඳහන් වන බව ද උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා‍ගේ නම සඳහන් වන්නේ එම ලේඛනයේය.

ඔහුගේ පුරවැසිභාවය අහෝසි වීම සියයට සියයක් සම්පූර්ණ බවත්, ඊට අදාල අවසන් ලිපි ලේඛන දුටු අතළොස්සක් දෙනා අතර තමන් ද සිටින බවත් ගම්මන්පිල මහතා පවසයි.

(LNW)