Tuesday, October 22, 2024
Follow Us
සජිත් ලැබෙන්නේ නැතිනම් මං නැතිවෙද්දෙන් - හරීන්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂය අතැර වෙනතක් බලාගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය හිමිවීම පිළිබඳව තමන්ට තදින්ම විශ්වාසයක් ඇති බව පැවසූ ඒ මහතා එසේ නොවන්නේ නම් තමන් පක්ෂය හැරයන බවයි අවධාරණය කළේ.

"අපිට ශුවර්. සජිත් නැත්නම් අපිත් නෑ. මං කලින්ම කිව්වනේ, අපි යනවා. අපි වෙන පැත්තක් බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

(LNW)