Tuesday, October 22, 2024
Follow Us
ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාත්‍රියේ දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ මහතා ඊයේ රාත්‍රී 11.45ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)