Tuesday, October 22, 2024
Follow Us
සජිත්ට ලංකාවේ ඕ ලෙවල් ඒ ලෙවල් නෑ – අජිත් පී පෙරේරා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සමත් වී නොමැති බව කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හිරු නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමිනි.

රාජකීය විදුහලේ ඉගෙනුම ලඉමින් සිටි සජිත් පේ‍්‍රමදාස මහතා කුඩා කාලයේදීම ඔහුගේ පියා විසින් එංගලන්තයේ අධ්‍යාපනය සඳහා යොමු කළ බවත් එහිදී උසස් අධ්‍යාපන ලද සජිත් ප්‍රේමදාස මහතාට උපාධි සහතික පවා ඇති බවද ඔහු සඳහන් කළේය.

නමුත් එහිදී හිරු මාධ්‍යවේදීන් විමසා සිටියේ ප්‍රේමදාස මහතාට ඇත්තේ සානුකම්පිතව ලබාදෙන ලද උපාධියක් බවට තොරතුරු ඇති බවයි.

(Lanka Leads)