Tuesday, October 22, 2024
Follow Us
අවසන් එකඟතාවය සඳහා මෛත්‍රි සහ මහින්ද හමුවකට යෝජනා කෙරේ

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (24) රැස්වන මධ්‍යම කාරක සභාවේදී වැදගත් තීරණ කිහිපයකට එළඹෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසයි.

අවසන් එකඟතාවන් සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමටද එහිදී යෝජනා කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර ‌පෙන්වාදෙයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පිළිගත් පක්ෂ 10ක් සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඊයේ (22) කියා සිටියේය.

(Lanka Leads)