Tuesday, October 22, 2024
Follow Us
සන්ධාන හදන්න කලින්ම පොහොට්ටුව අපේක්ෂකයා නම් කරනවා නම් අපට බෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැංවීමට කලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන්නේ නම් තම පක්ෂයටත් යම් තීන්දුවකට එළඹීමට සිදුවන බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) අනුරාධපුර ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු 11 වනදා සිදු කෙරෙන බවට නිවේදනය කර තිබේ.

(LNW)