Tuesday, October 22, 2024
Follow Us
අගමැතිගේ ඉල්ලීමට මුස්ලිම් මන්ත්‍රිවරු ප්‍රතිචාර නොදක්වයි

මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළි ඇමති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඇමති ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරු විසින් අග‍්‍රාමාත්‍යවරයාට මුස්ලිම් ජනතාව මුහුණ පා සිටින ගැටලූ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ සියලූ ගැටලූ සඳහා විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බවයි. පසුව අග‍්‍රාමාත්‍යවරයා මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් දැරූ අමාත්‍ය ධූර යළි භාර ගන්නා ලෙසයි. ඒ සඳහා මන්ත‍්‍රීවරුන් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වන්නේ.

පසුව රැස් වූ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. එහිදීද යෝජනා වී ඇත්තේ ඉල්ලා අස් වූ මන්ත‍්‍රීවරුන් යළි අමාත්‍ය ධුරය භාර ගතයුතු බවයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මුස්ලිම් මන්තී‍්‍රවරුන් කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි සඳහන් කළා.

කෙසේවෙතත් ඔහු කියාසිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු මුස්ලිම් මන්ත‍්‍රීවරයෙකු වැරදිකරුවෙකු වී නොමැති බැවින් ඔවුන්ට ඇමති ධුර භාර ගැනීමේදී ගැටලූවක් ඇති නොවන බවයි.

(Neth)