Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රීලනිපය විනාශ කළ චන්ද්‍රිකා දැන් එජාපය විනාශ කරන්න හදනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක වගේ අයට දැන් අවශ්‍යව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිරිහැර කිරීම බව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

නමුත් තම පාර්ශවය නිර්භීතව පක්ෂය ආරක්ෂා කරන බව සඳහන් කළ රවී කරුණානායක මහතා පැවසුවේ බයෙන් දේශපාලනය කිරීමට පැමිණ නැති බවයි.

අවම වශයෙන් ආසනය, කොට්ඨාසය, දිස්ත්‍රික්කය පවා දිනාගැනීමට නොහැකි පිරිස් එකතු වී එකත් ජාතික පක්ෂය කඩාකප්පල් කිරීමට උත්සහ දරන බවයි හෙතෙම අවධාරණය කළේ.

එම කඩාකප්පල්කාරී වැඩපිළිවෙලට මාතරින් කෙනෙක්,හම්බන්තොටින් කෙනෙක් සහ ගම්පහින් කෙනෙක් එකතු වී සිටින බව රවී කරුණානායක මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන් වෙත එල්ලකර ඇති අසත්‍ය චෝදනා, අපහාස සහ තර්ජන පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම පොලිස් මූලස්ථානයට පැමිණ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)