Tuesday, October 22, 2024
Follow Us
එක්සත් ජාතික පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස වෙනස් වෙයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊට අදාළ ලාංජනය,ධජය පවා යෝජනා වී ඇති අතර එයද විවිධ වර්ණවලින් සමන්විත බව අමාත්‍යවරයා සඳහන් කරයි.

නව නායකත්ව මණ්ඩලයකින් සමන්විත නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රටේ ජනතාවගේ අනාගතය ගොඩනගන මෙම නව සන්ධානය සියලු මැතිවරණ වලින් ජයග්‍රහණය කරන බවද සේනාරත්න මහතා කියාසිටියි.

අගෝස්තු 05 වැනිදා පෙරවරු 10ට යෙදෙන සුභ මොහොතින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී නව සන්ධානය ජනතාගත කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

(LNW)