Tuesday, October 22, 2024
Follow Us
සියලු කරුණු සලකා බලා ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා : විපක්ෂ නායක

ජනාධීපතිවරණය සඳහා සිය අපේක්ෂකයා කවුරුන්දැයි සියලු යෝජනා සැලකිල්ලට ගෙන නිවැරදිව තීරණය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ ඊයේ (20) පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදීයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි මාධ්‍යවේදීන් අද අමාත්‍ය ජෝන් අමරතුංගගෙන් ප්‍රශ්න කළා. මාධ්‍යවේදීන් මෙම ප්‍රශ්නය නැගුවේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා දෙදෙනෙකු අතර ගැටුමක් ඇතැයි පෙනෙන්නට තිබෙන බව ද පෙන්වා දෙමින්.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත නොහැකිව එක්සත් ජාතික පක්ෂය අර්බුදයක පැටලී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා. මෙම පක්ෂ අර්බුදය රටට ද අගතිදායක වී ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කෙරෙනු ඇතැයි ඇතැම් පිරිස් අපේක්ෂාවෙන් සිටියත්, එවැන්නක් සිදු නොවනු ඇති බවයි.

(Neth)