Tuesday, October 22, 2024
Follow Us
අද සවස කැබිනට් රැස්වීමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් nethnews.lk අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ගෙන් සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය අඟහරුවාදා දින නියමිත පරිදි කැබිනට් රැස්වීම නොපැවැත්වූ බැවින් ඒ වෙනුවට අද දින කැබිනට් රැස්වීම පැවැත්වෙන බවයි.

ඒ අනුව අද සවස 6.00ට කැබිනට් රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද දින කැබිනට් රැස්වීමේදී මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සහ වතුකම්කරුවන් ගේ දෛනික වැටුපට රුපියල් 50ක් එකතු කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද අමාත්‍ය අනුකාරක කමිටුවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

(Neth)