Tuesday, October 22, 2024
Follow Us
මාව මරලා දායි ද කියලා වෙලාවකට හිතෙනවා-සජිත්

ජනතා සේවයට කැප වෙමින් තමා යන ගමන වැළැක්වීමට බොහෝ පිරිස් උත්සාහ දරමින් සිටිව බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ(17) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවේ ඇතැමුන් තමාගේ චරිතය ඝාතනය කිරීමට ක්‍රියා කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“උඩුගම් බලා පිහිනනකොට සමහර නරි ගං ඉවුර දෙපැත්තේ ඉදන් හූ කියනවා. අපේ උදාගම්මාන වැඩසටහනත් උඩුගම් බලා පිහිනන වැඩසටහනක්.

නමුත් කණගාටුවට කාරනාව අර ඉවුර දෙපැත්තේ ඉන්න නරි කොට්ඨාශය දිගටම චරිත ඝාතනය කරනවා. කොච්චර විවේචනද? කොච්චර තර්ජනද කිව්වොත් මාව මරලා දායිද කියලා වෙලාවකට හිතෙනවා. ඒ තරමටම හිතේ තරහ තියනවා. දෙපැත්තේ ඉන්න නරිටික දේශපාල ග්‍රැනයිට් අතේ තියන් ඉන්වා සජිත් ප්‍රේමදාසට දමලා ගසන්න.“

(Lanka Leads)