Tuesday, October 22, 2024
Follow Us
අගමැති ගෙන් ඇමති රන්ජන්ට අවාවද

මහා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට අවවාද කළ බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

මහා සංඝරත්නය සම්බන්ධයෙන් තමන් කිසිඳු විවේචනයක් සිදු නොකළ බවත් ඕනෑම අවස්ථාවක මහා සංඝ රත්නයට වැද නමස්කාර කිරීමට තමන් සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

" මම ගරුතර සංඝරත්නයට මම ඕනෑම මොහොතක ගරු කරනවා. මම ඕනෑම ආගමකට ගරු කරනවා. කිසිදු අවස්ථාවකදී මට කිසිදු ආගමකට එරෙහිව අදහස් දක්වන්න අවශ්‍යතාවයක් නැහැ. මහා සංඝරත්නයෙන් සමාව ගන්න මම වරදක් කරලා නැහැ. අපචාර කරන චිවරධාරීන්ට නම් මට වඳින්න බැහැ. මැරයො වගේ කටයුතු කරන චීවරධාරීන්ගෙන් මට සමාව ගන්න බැහැ. මේ අය බෞද්ධ භික්ෂූන් වහන්සේලා නෙමෙයි මේ අය හැසිරෙන්නේ අයි. ආර්. සී කාරයෝ වගෙයි. ඇතැම් චීවරදාරින් සම්බන්ධයෙන් මට ලැබුණු පැමිණිලි පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අග‍්‍රාමාත්‍යවරයාට පෙන්නුම් කළා. ඒ සියලූ තොරතුරු මා සතුව තිබෙනවා"

"මේ ප‍්‍රකාශය ගැන සමාව ගන්න කියලා මට කවුරුත් තාම කියලා නැහැ.ත්‍රෛනිකායක මහා නායක හිමියන් වගේ සිල්වත් මහා සංඝරත්නය මට කිව්වොත් රන්ජන් මේ කරපු ප‍්‍රකාශයට සමාව ගන්න කියලා මම උන්වහන්සේලාගෙන් සමාව ගන්න සූදානම්" අගමැතිවරයා හමුවීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියා.

මහා සංඝරත්නය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක් ඔස්සේ රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සමාජ මාධ්‍ය හරහා මෑතකදී සිදුකළ ප‍්‍රකාශය පිළිබඳ කරුණු දක්වන ලෙසට අගමැතිවරයා කළ දැනුම් දිමකට අනුව ඊයේ (17) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙනි සිටියා.

(Neth)