Tuesday, October 22, 2024
Follow Us
ජනපති අපේක්ෂකයා නිසා එජාපය දැන් කල්ලි බෙදිලා කුළල්කාගන්නවා - මනෝ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා කවුරුන්ද යන ප්‍රශ්නය පදනම් කරගෙන දැන් එක්සත් ජාතික පක්ෂය තුළ කල්ලි බෙදී කුළල්කාගන්නා බව අමාත්‍ය මනෝ ශනේෂන් මහතා පවසයි.

මෙය මේ වනවිට හොඳින්ම පෙනෙන්නට ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.

පක්ෂය තුළ වෙන් වෙන් වශයෙන් න්‍යාය පත්‍ර සහිත කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගනිමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් බිහිවූයේ ද මෙවන් ප්‍රශ්න නිසා බව පැවසූ ඒ මහතා එවන් තැනකට එජාපය පත් නොකරන ලෙස තමන් බිම්මට්ටමේ සාමාජිකයින් වෙනුවෙන් නායකත්වයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)