Tuesday, October 22, 2024
Follow Us
ලංකාවට එනවාද, නැද්ද ? - ගෝ‍ඨා නීතීඥයින් සිංගප්පූරුවට කැඳවයි !

ශ්‍රී ලංකාවට දැන්ම නැවත පැමිණෙන්නේද, නැද්ද යන්න තීරණය කිරීම සඳහා සහ ඉදිරි නඩු කටයුතුවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා සිය නීතීඥවරුන් සිංගප්පූරුව වෙත කැඳවා තිබේ.

ඒ අනුව, පසුගිය සෙනසුරාදා දිනයේදී ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා සිය බිරිඳ ද සමඟ සිංගප්පූරුව බලා පිටව ගොස් තිබිණි.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදලින් රුපියල් තුන් කෝටි තිස්නව ලක්ෂයක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ජුලි 26 වනදා සිට යළි විභාගයට ගැනීමට නියමිතව ඇත.

එසේම ඒ මහතා විදෙස්ගත වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් දීර්ඝ කළ ලබාදුන් කාලය ජුලි 24 වනදායින් අවසන් වේ.

(LNW)