Monday, October 21, 2024
Follow Us
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔක්තෝම්බර් 08 වෙනිදා එළිදකී

සිය ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන ඔක්තෝබර් 08වනදා එළි දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මේ බව කියා සිටියා.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් ආකර්ෂණීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද මහාචාර්ය ජී එල් පීරිස් මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

(Neth)