Monday, October 21, 2024
Follow Us
අගමැති රනිල් තේරිම් කාරක සභාවට ගේනවා කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇහිමක්

රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා තේරිම් කාරක සභාවට කැඳවනවා කියන එක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බවත් මේ රජය පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු නිතීවීරෝධි වැඩ වලට වික‍්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ තේරිම් කාරක සභාවට නෙවෙයි අධිකරණයට කැඳවා දඬුවම් ලබාදියයුතු යැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලීමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා පැවසීය.

බද්දේගම වඳුරඹ ප්‍රදේශයේ පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බද්දේගම ආසන බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදි තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා,

‘‘ගෙවීගිය පසුගිය කාලය පුරාවට ජනතා වීරෝධි ක‍්‍රියා රාශියක් සිදුකළ මේ රජය අද ජනතාව ගැන විශාල කැක්කුමක් ඇති වෙලා සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන බව පවසමින්මේ ගන්නා හදිසි උත්සාහය පිළිබඳව අපට විශාල කුකුසක් තියෙනවා.

රටේ ජනතාවට ඉඩම් අයිතිය දෙනවට අපි කිසිසේත්ම විරුද්ධ නැහැ. ඒත් මේ ඉඩම් පනත හරහා මිල්නියම් චැලෙන්ජ් කෝපරේෂන් එහෙම නැත්නම් සහශ‍්‍ර අභියෝග සංස්ථාව තුලින් ඉඩම් බැංකුවක් ඇති කරලා ත‍්‍රිකුණාමලය හා කොළඹ අතර ඉඩම් පවරාගෙන වීශේෂ ආර්ථික කලාපයක් සඳහා ඇමරිකාවට ලබාදීමේ කූට උපක‍්‍රමයක තමයි මේ රජය යෙදි ඉන්නේ. කවර අර්ථයෙන් ගත්තත් ලංකාවේ සියලු සම්පත් විජාතිකයින්ට පවරමින් වර්තමාන ආණ්ඩුව මේ ගෙන යන ක‍්‍රියාමාර්ග හරහා ලංකාවේ ඉඩම් පිටරැටියන්ට විකුණා දැමිමේ ක‍්‍රීයාමාර්ගයට විරුද්ධව අපි කටයුතු කරනවා.

(Lanka Leads)