Monday, October 21, 2024
Follow Us
ඇමතිකමේ හිටපු මන්ත්‍රිවරු යළි අවසන් එකඟතාවයකට ඇවිත්

මෙම සතිය තුළ බොහෝදුරට මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. මන්තී‍්‍රවරයා කියා සිටියේ අමාත්‍යධූර යළි භාර ගැනීම සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව මේවනවිට අවසන් එකගතාවකට පැමිණ ඇති බවයි.

කෙසේවෙතත් හදිසියක් නොමැති බවත් ඊට අදාළ කටයුතු කලබලයකින් තොරව සිදුකළ හැකි බවත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ද මෙහිදී අමාත්‍යධූරයක් භාර ගනු ඇත්දැයි නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී "එයා ඒ තරම් කැමැත්තක් නෑ. නමුත් අපි යෝජනා කළා භාර ගන්න කියලා. ඒකමතිකව ගත්ත තීරණය එයා පිළිගන්න ඕනේ." යනුවෙන් සඳහන් කළා.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන වාර්තාව මගින් රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව කිසිඳු චෝදනාවක් සනාථ වී නොමැති බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (14) අවධාරණය කළේ. අදාළ වාර්තාව නිතිපතිවරයා සහ කථානායකවරයා වෙත යවා ඇති බවත්, ඔවුන් ඒ පිළිබඳ නිසි පියවර ගනු ඇති බවත්, අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

(Neth)