Monday, October 21, 2024
Follow Us
අමාත්‍ය ධූරය යළි භාර ගැනීම සම්බන්ධයෙන් බදියුදීන් පැහැදිළි කරයි

අමාත්‍යධූර භාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍යධූර භාර ගැනීම සම්බන්ධයෙන් තම පක්ෂය අභ්‍යන්තර සාකච්ඡාවක් සිදු කරන බවයි.

ඊයේ (14) පස්වරුවේ පැවැති උත්සවයකින් පසු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙම අදහස් පළ කළා.

එහිදී "අපිට එච්චර හදිසි නෑ. මුස්ලිම් ඇමතිවරු සියල්ල ඒ වෙලාවේ එකට ඉල්ලා අස්වුණා.. ඒ වගේම භාර ගන්නවා නම් එකට තමයි භාර ගන්නේ. ස්වාමීන්වහන්සේට බයට නෙමෙයි අපි ඉල්ලා අස් වුණේ. විශ්වාසභංගයක් ගෙනාවොත් ඒකටත් අපි සූදානම්. අපි ඉල්ලා අස්වුණේ රට ගැන තියෙන ආදරයට. කාලකන්නි සහරාන්ලා ඇවිල්ල කරපු ත්‍රස්තවාදී කටයුතුවලට ලංකාවේ ජීවත් වන මුලු මුස්ලිම් සමාජයම සම්බන්ධ නෑ. අපි එක්සත් ජාතික පක්ෂයේ අය නෙමෙයි නේ..අපි ඇමති ධූර ගන්නවා ද? නැද්ද? කියලා තීරණය කරන්නේ අපේ පක්ෂය." යනුවෙන්ද සඳහන් කළා.

නෙත් නිවුස් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි ප‍්‍රකාශ කළේ රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද, අමාත්‍යධූරයක් යළි භාර ගනු ඇති බවයි.

(Neth)