Monday, October 21, 2024
Follow Us
සජිත් ප්‍රේමදාස හැමදාමත් ජනාධිපතිට කඩේ යනවා - ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හැමදාමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කඩේ යන බවත් ඔහු අනුමත කරන්නේ ජනාධිපතිවරයා කියනා දේවල් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

"සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාමත් ජනාධිපතිට කඩේ යනවා. එයා ජනාධිපති කියන ඒවා තමයි අනුමත කරන්නෙ. ගියපාරත් දින 51 ආණ්ඩු පෙරළියට සුමාන දෙකකට ඉස්සරවෙලා එතුමා කිව්වා මේ රටේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයොත්, එක්සත් ජාතික පක්ෂයත් හැමදාම ජනාධිපතිට ණයගැතියි කියලා. ඒක පත්තරේ පළවෙනි පිටුවෙම තිබුණා.

දින 51 ඉවර වුණු ගමන්ම ආපහු ලග්ගල ගිහිල්ලා කිව්වා ශ්‍රීමත් ගරු ජනාධිපතිතුමාණෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දුන්නා මෙයා ආරක්ෂා කරන්නෙ නෑ කියලා ප්‍රජාතන්ත්‍රවාදය, එහෙම ඉන්නකොට ගිහිල්ලා කඩේ යනවා. ඒක හින්දා ඒවා අපි දකින්නෙ ඉතාම පහත් වැඩ හැටියට" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (13) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

(LNW)