Monday, October 21, 2024
Follow Us
රනිල් නිසාම හොඳයි. JR හිටියා නම් JVP එක තහනම් කරලා !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ යුතුව ඇත්තේ අනුන්ට විශ්වාස භංග යෝජනා ගෙන ඒම නොව පක්ෂයක් වශයෙන් රට ඉදිරියේ ස්වයං විවේචනයක් සිදු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු ලංකා නිව්ස් වෙබ් වෙත පැවසීය.

"ජේවීපී එක එයාලගෙ කෑල්ල වහගන්න හතර අතේ ඇඟිලි දික් කරනවා.

දැන් පාස්කු ඉරිදා බෝම්බ කේස් එකට අත් අඩංගුවට අරං තියෙන අය අතරින් ඉහළම දේශපාලන සම්බන්ධතා තියෙන අය ඉන්නෙ කවුද ? පාර්ලිමේන්තු මැතිවරණෙකටත් ඉදිරිපත් වෙච්චි අය ඉන්නෙ එක්කෙනයි. ඒ, ඊබ්‍රාහිම්. ඊබ්‍රාහිම් චන්දෙට ආවෙ ජේවීපී එකෙ ලිස්ට් එකෙන්.

අපි එයාව දන්නෙ නෑය, අපෙ එක්කෙනෙක් නෙවේය, නිකං ජාතික ලැයිස්තුවට දැම්මෙය .. ඔය බයිලා හොඳයි එයාලගෙ කාඩර් එක රවට්ටන්න. රටක්, ලෝකයක්, නීතියක් ඉස්සරහා ඔව්වා කතන්දර විතරයි. ඊබ්‍රාහිමි මෙව්වා දන්නෙ නෑය, එයාලගෙ පුතාලා තමයිය .. ඔහොම කියලා ඊබ්‍රාහිම්ව සුද්ද කරන්නත් එයාලා හැදුවානෙ, එව්වත් එයාලටම හොඳයි.

ඊබ්‍රාහිම්ගෙ ගෙදර බෝම්බ දෙකක් පිපිරුවා, පොලිසියෙ තුන් දෙනෙකුත් මැරුණා. තවත් මොනවද ? ඊබ්‍රාහිම්ව මේකෙදි නීතිය ඉස්සරහා සුද්ද කරන්න බෑ. ජේවීපී එක දඟළන්නෙ මේ ඇත්ත වහන්න.

ජේවීපී එකේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න ලෑස්ති වෙලා ඉඳපු කෙනෙක් තමා මේකෙ ලොකුම සැකකාරයා හැටියට අහුවෙලා ඉන්නෙ.

අපි කියන්නෙ නෑ මේක එයාලගෙ වැඩක් කියලා. ඒත් ඕක තමා ඇත්ත. එයාලාට බබා වෙන්න බෑ.

රනිල් නිසාම හොඳයි, ජේ. ආර්. වගේ හිටියා නම් ඕකටම ජේ.වී.පී. එක තහනම් කරනවා ආයෙ දෙකක් නෑ. 83දි තහනම් කළේ ඔහොම සාක්කි තිබිලා නෙවෙයිනෙ.

ඒක නිසා අරයා දැනං හිටියා, මෙයා දැනං හිටියා කියලා කාටවත් ඇඟිලි දික් කරලා වැඩක් නෑ, ජේවීපී එක ස්වයං විවේචනයක් කරන්න ඕනෙ තමුන් කාවද පක්ෂේ ඉහළම මට්ටමෙන් ආශ්‍රය කළේ කියලා. වචනෙන්ම කිව්වොත් කවුද එයාලගෙ මිනිස්සු කියලා.

අපිත් අවුරුදු ගාණක් මේකෙ මේ දේශපාලනේම තමයිනෙ කරන්නෙ. අපිත් හැමදේම දන්නවා. එහෙම මේ දන්නෙ නැති, අඳුනන්නෙ නැති අයව නැශනල් ලිස්ට් එකට දාන්නෙ නෑ. පක්ෂෙම වුණත් පොඩි පොඩි එවුන්ට පාර්ලිමේන්තු යන චාන්ස් දෙන්නෙ නෑනෙ කොයි පක්ෂෙත්. මොකෝ ජේවීපී එකට කැට හොල්ලන එවුන්ව ලිස්ට් එකට දානවද ? නෑ !

එයාලා නැශනල් ලිස්ට් එකට දාන්නෙ තමන්ගෙ ළඟම හිතවත් තමන්ට උදව් කරන අයව. පක්ෂෙ සාමාජිකකම කියන්නෙ ඕනෙම පක්ෂෙක කඩදාසි කෑල්ලක් විතරයි. ඇත්තම පක්ෂ තියෙන්නෙ ලොක්කොන්ගෙ හිතවත්කම් එක්ක. ඊබ්‍රාහිම් එයාලගෙ මිනිහෙක්. ඒක හංගන්න බෑ.

ඊබ්‍රාහිම්ගෙ සල්ලි චන්ද වැඩට නොදා ඉන්න ඇද්ද ? ඔය මරාගෙන මැරුණු පුත්තු තමන්ගෙ තාත්තා චන්දෙ ඉල්ලපු පක්ෂෙට චන්දෙ නොදී ඉන්න ඇද්ද ? මේ ගොල්ලො ඊබ්‍රාහිම්ගෙ උදව්වෙන් පාර්ලිමේන්තු ඇවිත් අපට පාට් දානවා. මරු !" යනුවෙන් එම එජාප ප්‍රබලයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ "ජේවීපී එකෙ මන්ත්‍රීලා ආශ්‍රය කරන්න පුළුවන් මිනිස්සු. දේශපාලනේ මොකක් වුණත් නිකං අපි අපි තරහ වෙන්න ඕනෙ නෑනෙ. ඒ නිසා මගේ නමක් කියන්න එපා. මේ කතාව විතරක් කියන්න" යනුවෙනි.

(LNW)