Monday, October 21, 2024
Follow Us
රනිල් කප්පම් දේශපාලනයෙන් විශ්වාසභංගය ජයගත්තා.. මහින්දත් වැරදියි – අනුර

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ආර්. සම්බන්ධන් මහතාත් නිවැරදි තීන්දු ගත්තානම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට හැකියාවක් තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“සම්බන්ධන් මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් නිවැරදි තීන්දු ගත්තා නම් මෙම විශ්වාසභංගය දිනන්න තිබුණා.

විශේෂයෙන්ම හවස 4.30ට රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිපියකින් එකඟ වුණා සම්බන්ධන් මහත්මයට කල්මුණේ වෙනමම ප්‍රාදේශීය සභාවක් කරලා ලබාදෙන බවට.

රනිල් වික්‍රමසිංහ සුපුරුදු කප්පම් ගෙවීමේ දේශපාලනයෙන් තමයි මෙම විශ්වාසභංගයත් ජය ගැනීමට කටයුතු කළේ.

පැය භාගයක් ඇතුළත මංගල සමරවීර මහතා ඒ සඳහා අවශ්‍ය කාඩර් එක අනුමත කරලා දුන්නා.

කප්පම් පිදීම නිසා තමයි 119ක් දක්වා ඉදිරියට ගියේ. නැත්නම් ආණ්ඩුවට තිබුණේ 105යි.”

(Lanka Leads)