Monday, October 21, 2024
Follow Us
මංගල සජිත්ගේ පැත්ත ගනිද්දී රවී කරූව තෝරයි

එදා 2018 ඔක්තේබර් 22 දා කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමඟ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත නිසා අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

එම දුෂ්කර මොහොතේ කරු ජයසූරිය මහතා නිර්භීත තීන්දුවක් නොගත්තානම්, අද වෙනත් ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

"එදා ඒ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාව තුළින් රටේ සෑම ස්ථානයකම, සෑම පක්ෂයකම සියලු ජාතීන් ආගම් එකතුවෙලා අලුත් දර්ශනයක් තුළින් ඉදිරියට ගෙන යා හැකි නව උපතක් ලබාදුන්නා "

ඒ අනුව 2019 අගභාගය වන විට ජනාධිපතිවරණය තුළින් ශක්තිමත් ආණ්ඩුවක් සෑදීමට වත්මන් අගමැතිවරයා සහ කරු ජයසූරිය මහතා එකමුතුවී නායකත්වය සපයන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු, 46 වන සුගතදාස ගුණානුස්මරණ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය මහතා සහ කොළඹ දිස්ත්‍රික් උප නගරාධිපති එන්.එම්. ඉක්බාල් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

(LNW)