Monday, October 21, 2024
Follow Us
දයාසිරිගේ කාරක සභා වර්ජනය නවතියි

පාස්කු ප්‍රහාරය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද (10) පෙනී සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පසුගිය කාරක සභා අවස්ථාවේදී ද මන්ත්‍රීවරයාව කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර ඔහු එහි පෙනී සිටීම ප්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබෙන කාරක සභාවක් හමුවේ පෙනී නොසිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවසර නැත. මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය එකී කාරක සභාව හමුවේ පෙනී සිටීමට නීතියෙන් බැඳී සිටියි.

කැඳවීමකට අනුව සහභාගී නොවන්නේ නම් එය පාර්ලිමේන්තුවට කළ අපහාසයක් ලෙස ඊයේ (09) කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

නීතිය අනුව එවැනි කැඳවීමකදී ඕනෑම මන්ත්‍රීවරයෙකු ඊට සහභාගි විය යුතු බව කථානායකවරයා එහිදී අවධාරණය කළේය.

කොළඹ පිහිටි තවත් ප්‍රධාන සංචාරක හෝටලයක සහරාන් කණ්ඩායමේ පුද්ගලයෙකු බෝම්බයක් පුපුරුවා ගැනීමේ අපේක්ෂාවෙන් එහි ගියද එම අවස්ථාවේ හෝටලයේ සිටි විශේෂිත පුද්ගල කණ්ඩායමක් හේතුවෙන් එම පුපුරුවා ගැනීම සිදු නොකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගියදා රූපවාහිනී දේශපාලන වැඩසටහනකදී ප්‍රකාශ කළේය.

(LNW)