Monday, October 21, 2024
Follow Us
පොහොට්ටු – ශී‍්‍රලනිප ඉදිරි සාකච්ඡා කමිටු වාර්තාව පිළිබඳ අවසන් එකගතාව මත…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාගේ එකඟතාව මත දෙපාර්ශ්වය අතර පැවැත්වෙන ඉදිරි සාකච්ඡුාවට ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසයි.

එම කෙටුම්පත මගින් ඔවුන් ඉදිරිපත් කර ඇති බලතල, නායකත්වය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් මේ වන විට සාකච්ඡුා වට දෙකක් පැවැත්වූ බවද, එහි අවසන් වාර්තාව ඊයේ එම කමිටුව විසින් භාරදීමට නියමිතව තිබූ බවද මහලේකම්වරයා ඊයේ (9දා* ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි සාකච්ඡා තීරණය කරනු ලබන්නේ සංශෝධන සහිතව ඉදිරිපත් කර ඇති එම කමිටු වාර්තාව පිළිබඳව පක්ෂයේ අවසන් එකඟතාව මත බවද මහලේකම්වරයා සඳහන් කළේය. එම කෙටුම්පත සඳහා ජනාධිපතිවරයාගේ ද කැමැත්ත පරිදි පක්ෂයේ මතය ඉදිරිපත් කරන බව කී මහ ලේකම්වරයා ඒ අනුව ඉදිරි සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ද කීවේය.

(Lanka Leads)