Monday, October 21, 2024
Follow Us
ඉඩම් පනතෙනුත් අගමැති ජනාධිපතිව හලලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධන ද නොසලකා හරිමින් ඉඩම් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ආණ්ඩුව උත්සහ ගැනිමින සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව එළඹෙන 12 වැනිදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීම සඳහා සූදානමක් පවතින බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

එම පනත් කෙටුම්පතට ජනාධිපතිවරයා විසින් එක්කළ සංශෝධන නොසලකා හරිමින් පසුගිය මාර්තු 22වැනි දින ගැසට් පත්‍රයක් මඟින් පළකර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් විසින් හැමදාමත් ඉඩම් සහ ජලය විකිණීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.

මෙම පනත කෙටුම්පත් හරහා ජනතාවට ඉඩම් හිමිකම ලැබෙන බවට අගමැතිවරයා අවධාරණය කර ඇත්ත එය එසේ නොවන බවයි ඔහු පෙන්වාදුන්නේ.

(LNW)