Monday, October 21, 2024
Follow Us
“මේ පාර එජාපයට හොම්බෙන් තමයි යන්න වෙන්නේ”

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් නොවු පුද්ගලයින් පාර්ලිමේන්තු යැවීම සහ රටේ ජනාධිපති ධූරය සඳහා පත් කිරීම රටේ ජනතාව විසින් සිදු කරන වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද (09) ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් නොවු පුද්ගලයින් පාර්ලිමේන්තුව තුළ 70ක් 80ක් පමණ සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුත්තේ ඡන්දය ජග්‍රහනය කිරීමට හැකි පුද්ගලයෙකු නොවන බවත් රට ගොඩනැගීමට හැකි පුද්ගලයෙතු බවත් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රට ගොඩ නැගීමය හැකි නායෙකයෙකු එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ නම් ඔහුට සහය ලබා දෙන බවත් එවැනි නායකයෙකු ඉදිරිපත් නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට “හොම්බෙන් යන්න වේවී“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)