Monday, October 21, 2024
Follow Us
අනිවාර්යයෙන්ම ශ්‍රිලනිප පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුමයි

පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, එප්පාවල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකතුවීම පිළිබඳව සාකච්ජා පවත්වමින් යනවා. සාකච්ජා වල ප්‍රතිපල තමා පසුගිය දවස් වල දැනගන්න ලැබුණේ. පක්ෂ දෙක කොහොමද එකතු වෙන්නේ කියන එකේදී එදා ඉඳන්ම අපි පක්ෂය කිව්ව කාරණයක් තමයි පක්ෂ දෙකේම අනන්‍යතාවය ආරක්ෂා විය යුතුයි කියන කාරණාව.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එකතු වෙනවා නම් අර කිව්ව නමින් තමයි එකතු වෙන්නේ. ජනාධිපති අපේක්ෂකයා කවුද කියන කාරණාව සම්බන්ධයෙන් තාම අවසන් එකඟතාවක් නෑ. පක්ෂ දෙක කොහොමද එකතු වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි පක්ෂයේ කණ්ඩායම් දෙකක් සාකච්ජා කරන්නේ. මේ සාකච්ජා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජිතයෝ තිදෙනෙක් නම් කරලා ඉන්නවා. දයාසිරි ලේකම්තුමා, හිටපු ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හා තිලංග සුමතිපාල මහතා. ඒ අය සාකච්ජා සිදුකරනවා. පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයෙක් සිටිය යුතුයි කියන මතය පක්ෂයක් ලෙස අපි දරනවා “යැයි වැඩිදුරටත් ඔහු පැවසීය.

(Lanka Leads)