Monday, October 21, 2024
Follow Us
මෙන්න තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්!

2020 ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයෙක් කරළියට පැමිණ තිබේ.

මෙම නව දේශපාලන ආගමනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ බව ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා විය.

පක්ෂ දේශපාලනය විසින් අගාදයට ඇද දමා තිබෙන රට තවදුරටත් එම මාවතේම යාමට ඉඩ දිය නොහැකි බවයි ඇය සිය සමීප හිතවතුන් සමඟ සඳහන් කර ඇත්තේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව මුහුණුවරක් ලබා දෙමින් අල්ලසින් දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමට වෙහෙස වූ කාලය තුළ තමන් ලද අත්දැකීම් රටේ දේශපාලන හැසිරීම් ගැන අවබෝධයක් ලබා දී ඇති බවත් නමුත් එම අභියෝග බිඳ හෙළීමට තමන් කැප වූ ආකාරයෙන් සමස්ත රට දෙසම අවධානය යොමුකිරීමට සිදුව ඇති බවද වික්‍රමසිංහ මහත්මිය පවසා ඇත.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂයක සහය නොගන්නා අතර ස්වාධීන වේදිකාවක් හරහා දේශපාලන පිටියට පිවිසීමට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය තීරණය කර ඇති බව ද සඳහන්.

මේ අතර 2020 ජනාධිපතිවරණ සටනේ දැනට සිටින එකම අපේක්ෂිකාව ඇය වීමද විශේෂත්වයක්.

(LNW)