Monday, October 21, 2024
Follow Us
ඉඩම් විකිණීම එක නියෝගයෙන් නවත්වන්න ජනාධිපතිට පුළුවන්

රටේ ඉඩම් විදේශිකයින්ට විකිණීම නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාම පහසුවෙන් හැකියාව ඇති බවත් ඊට කළ යුතු වන්නේ ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයාට එක් නියෝගයක් ලබාදීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ අවසන් මාස කිහිපයේදී ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා මඟ දෙපස ඉඩම් විකුණා දැමීමට සෝෆා ගිවිසුම හරහා උත්සාහ දරන බවටයි ඒ මහතා චෝදනා කළේ.

මෙය වැළැක්වීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා තමන්ට පැවසුවත් එය කළ හැකිව තිබියදී තව දුරටත් කැබිනට් මණ්ඩලයේ අදහස් විමසන්නේ කුමකටදැයි ප්‍රශ්න කළ ඒ මහතා මේ රටේ ජනතාව ඡන්දය ලබාදී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බව ද සිහිපත් කළේය.

එසේම තමන් මේ ගැන හොඳින් දන්නා බවත් තමන් ද ජනාධිපති තනතුර දැරූ බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ශැංග්‍රිලා හෝටලය ඉදිකිරීම සඳහා ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට, රටේ වටිනාම ඉඩම චීනයට සින්නක්කර විකුණා දැමුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය.

(LNW)