Monday, October 21, 2024
Follow Us
මහින්ද හරියට අණ දුන්නා.. ගෝටා හරියට පරිපාලනය කලා.. අපි හරියට වගකීම කලා

තමුන් හමුදාපතිව සිටි කාලයේ මෙරට ආරක්ෂක වැඩපිළිවෙළ නිසියාකාරයෙන් ක්‍රියාත්මක වූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එවකට හිටපු ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධය ඉදිරියට කරගෙන යාමට තමන් ඇතුළු හමුදාවට අවසර දුන් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ලෙස එහි පරිපාලන කටයුතු නිවැරදිව කළ බවත් තමන් හමුදාපතිවරයා ලෙස තමාට පැවරුනු වගකීම නිසි ලෙස කල බවත් සෙසු හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පතිවරයාද නිවැරදිව තම වගකීම ඉටු කළ බවත් ඔහු පැවසීය.

එම රජය යටතේ ආරක්‍ෂක මණ්ඩලය සතිපතා රැුස්වූ නමුත් වත්මන් රජය යටතේ එය අවුරුද්දකට වතාවක්වත් රැුස් නොවන තත්වයක් ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා මත පටවා පැටවීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවද කී ඔහු එහි වගකීම සම්පූර්ණයෙන්ම ඇත්තේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා අත බවද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පත් කර ඇති තේරීම් කමිටුව හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉදිරියේ දී කැදවන බවත් ජනාධිපති මෙන්ම අගමැති ද කැදවීමට අදහස් කරන බවත් කී ඔහු මෙම කමිටුව විසින් කිසිවකු තාම වරදකරු කර නැති බවද සඳහන් කළේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

(Lanka Leads)