Monday, October 21, 2024
Follow Us
අද තාත්තා කෙනෙකුට පාසලට යන්න බෑ, හමුදාවෙන් වෙඩි තියලා මරනවා - මහින්ද

අසනීප වූ දරුවකු බැලීම සඳහා පියෙකුට පාසලකට යාමට නොහැකි තත්වයක් අද උද්ගත වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"අද පාසලකට දරුවෙක් ලෙඩ වුණාම තාත්තා කෙනෙකුට යන්න බැරි තත්වයක් තියෙනවා, තාත්තට වෙඩි තියලා මරනවා හමුදාවෙන්. අද පාසලකට තමන්ගේ දරුවා අසනීප වෙලා, ඒ දරුවා බලන්න යන්න තාත්තා කෙනෙකුට අයිතියක් නැත්නම් කාටද අයිතිය තියෙන්නෙ ? ඉතිං මෙවැනි තත්වයක් රට තුළ නිර්මාණය වෙලා පවතිනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සුළු ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නැතැයි තමන් පැවසූ බවට අසත්‍ය ප්‍රචාරයක් ද ඉතා සූක්ෂම ලෙස පතුරුවා හරිමින් තිබෙන බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) විද්වත් වෘත්තිකයින්ගේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට නුගේගොඩදී එක් වෙමිනි.

(LNW)