Monday, October 21, 2024
Follow Us
'ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ' නමින් එකඟතාවයක් නැති බව පොදුජන පෙරමුණ කියයි

ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමැති සන්ධානයකින් ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග කිසිඳු එකඟතාවකට එළඹ නොමැති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්‍ෂ මූලස්ථානයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ මේ බව කියාසිටියා.

එහිදී "මම මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණෙන්න කලින් ඩලස් අලහප්පෙරුම මැතිතුමා එක්කත් සාකච්ඡා කරලා ආවේ...එවැනි එකඟතාවයකට පැමිණියාද කියලා. ඉතා පැහැදිළිව මේ ආකාරයේ සන්ධානගතවීමක් සිදු කරලා තරග කරන්නට කිසිදු එකඟතාවයක් මේ වෙනකම් පළ කරලා නෑ." යනුවෙන්ද සඳහන් කළා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මේ සම්බන්ධයෙන් ඊයේ (04) සිදුකළ ප‍්‍රකාශය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ යෝජනාවක් විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)