Monday, October 21, 2024
Follow Us
රටට අහිතකර සෝෆා, ඇක්සා සහ මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් පරාජය කරනවා

රටේ ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට හානිදායක ගිවිසුම්වලට එළඹීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිතීඥ සංගමයේ නියෝජිතයන් හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ දෙපාර්ශවය අතර විපක්ෂ නායකවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ පැවැති සාකච්ඡාවකදීයි

එහිදී වත්මන් රජය අමෙරිකාව සමග අත්සන් කිරීමට සූදානම් වන සෝෆා, ඇක්සා සහ මිලේනියම් කෝපරේෂන් යන ගිවිසුම් වලින් රටට අත්විය හැකි ප‍්‍රතිවිපාක පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි නිතීඥ සංගමයේ ලේකම් කෞශල්‍ය නවරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ.

මෙම ගිවිසුම අත්සන් කිරීම මගින් අමෙරිකානු හමුදාවට ඕනෑම මොහොතක වීසා සහ ගුවන් ගමන්බලපත‍්‍ර නොමැතිව ශ‍්‍රී ලංකාවට ඇතුළුවිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මෙම ගැටලූ විසඳා ගැනීමට රාජ්‍ය තාන්ති‍්‍රකව කටයුතු කරන බවයි. මේ අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් රජයට එල්ල වන චෝදනාවලට අමාත්‍ය රාජිත සේනාරත්න මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණවලට මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

(Neth)