Monday, October 21, 2024
Follow Us
හිටපු ඇමති රිෂාඩ්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

2015- 2018 කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000ක පමණ ප්‍රමාණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් කර තිබෙන පැමිණිල්ලකට අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් එලෙස ඉල්ලා ඇත.

අද උදෑසන 10.00 පමණ වන විට එය භාර දෙන ලෙසයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් 1975 අංක 01 දරන වත්කම බැරකම් පනතට අනුව අල්ලස් කොමිසමට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාට හැර වත්කම් බැරකම් ප්‍රකාශයක් නිකුත් කිරීමේ නීතිමය බලයක් නැත.

ඒ අනුව ජනාධිපති පරීක්ෂණ කොමිසමට හිටපු අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකශයක් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසිය යුතු වෙයි.

මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද පාර්ලිමේන්තුව පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ අමාත්‍ය ධූර දරන හෙයින් එම වත්කම් බැරකම් ප්‍රකාශ ජනධිපති කාර්යාලය වෙත ලබා දෙන බව සඳහන්.

(LNW)