Monday, October 21, 2024
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රි වැටුප ප්‍රමාණවත් නෑලු

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට දැනට ලැබෙන වැටුප සහ දීමනා ප‍්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් පවසනවා.

ඔහු කියා සිටියේ පෞද්ගලික ආයතනයක ප‍්‍රධාන විධායක නිලධාරීවරයෙකුගේ වැටුප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ලබාදිය යුතු බවයි. එසේ ලබාදීමෙන් පසුවද මන්ත‍්‍රීවරුන් සොරකම් කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවයි මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මෙම අදහස් පළ කළේ ඊයේ (03) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. පාර්ලිමේන්තුවේ වියදම් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

මේ අතර නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහන අද (04) රාත‍්‍රී 07.30 සිට ප‍්‍රචාරය කෙරෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසෙන්න.

(Neth)