Monday, October 21, 2024
Follow Us
විග්නේශ්වරන් ජනාධිපති මන්දිරය අවට ඉඩම් ඉල්ලයි

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ස‍මයේ යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ඉඩම් අක්කර 75 ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් යාපනය ජනාධිපති මන්දිරය ඉදිකළද අවට ඉඩම් මේ දක්වා මුල් අයිතිකරුවන්ට ලබා දීමට වත්මන් ජනාධිපතිතුමන් පියවර ගෙන නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේය.

හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා මේ බවසා සිටියේ 02 දින යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේදීය

එහිදී සී.වී.විග්නේශ්වරන් මහතා කියා සිටියේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් අනතුරුව යාපනයට පැමිණි අවස්ථාවේ අදාළ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශය ජනතාව වෙත ලබාදෙන බවට පැවසුවද අදාළ පොරොන්දුව මේ දක්වා ඉටු නොවු බවටයි.

එමෙන්ම වර්තමානයේදී උතුරු පළාත තුළ රජයේ හා පෞද්ගලික ජනතාවගේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් තවමත් ආරක්ෂක අංශ සතුව පවතින බවද එම ඉඩම් ලබා දීම සඳහා මෙතෙක් වත්මන් බලධාරීන් පියවර ගෙන නොමැති බවටද විග්නේශ්වරන් මහතා සදහන් කළේය.

(Lanka Leads)