රට පිරිසිදු කිරීමේ Claen Sri lanka ව්‍යාපෘතිය හෙට (ජනවාරි මස 01) ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (31) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.
මෙම ව්‍යපෘතිය පාරිසරික පමණක් නොව සමාජයීය ආචාරධර්ම ආදී සෑම ක්ෂේත්රයකින්ම රට පිරිසිදු කර ප්‍රියමනාප රටක් බවට පත් කරන වැඩපිළිවෙළක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.