Monday, October 21, 2024
Follow Us
රටක් හරියට පාලනය කරන්න නම් නිදි මරාගෙන වැඩ කරන්න ඕනේ

රටක් පාලනය කරන කාර්ය නිවැරදිව කරනවා නම් මහන්සි විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවැරදිව රට පාලනය කරන අයට වෙලාවට කෑම කන්නට අවස්ථාව නැති බවත් ඔවුන් නිදි මැරිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

තම පියා වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පාන්දරම අවදි වී මධ්‍යම රාත්‍රී වනතුරු පොදුජන සංවර්ධනය සිදු කළ බවද ඔහු පැවසීය.

තමන්ට ද ඉතා හොඳට නිදි මරන්න පුළුවන් බවත් වැඩි වැඩියෙන් මහන්සි වන විට තමනට හරිම ආසාවක් ඇති වන බවත් කී ඔහු සඳහන් කළේය.

මෙරට කිසිම පුද්ගලයෙකුට කඩිසර කමින්, අධිෂ්ඨාන ශක්තියෙන්, කැපවීමෙන් තමන් සමඟ හැරෙන්නවත් බැරි බව ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුර තඹුත්තේගමදී පැවති උත්සවයක් අමතමිනි.

(Lanka Leads)