Monday, October 21, 2024
Follow Us
ජවිපෙ මූලිකත්වයෙනුත් පුළුල් සන්ධානයක්

රට පත්ව ඇති විනාශකාරී තත්වය සහ අරාජික තත්වයෙන් මුදවාගෙන රට නිසි මගට ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් පොදු සන්ධානයක් ගොඩනැගීමට ඇති සූදානමක් පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. විශේෂයෙන් එජාප , ශ්‍රීලනිප , පොහොට්ටුව නියෝජනය කරන ප්‍රධාන පෙලේ දේශපාලන ක්‍රියාධරයන් මෙම සන්ධානය වටා එකතුවීම ප්‍රවණතාවයක් ඇති බව සදහන්ය.


විශේෂයෙන් ආන්ඩුවේ ක්‍රියාදාමයන් විවේචනය කරමින් එජාප ඇමතිවරුන් ද, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාදාමයන් කෙරෙහි කළකිරුණු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද, පොහොට්ටුවේ රරාජපක්ෂ කරණයට එරෙහිව මෙම මන්ත්‍රීවරුන් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඇරඹීමට නියමිත ”වීදි පිරෙන පාද සටන්’ නම් දැවැන්ත විරෝධතා පාගමනට තම ආශිර්වාදය හිමි වන බව ද එම මන්ත්‍රීවරුන් විවිධ තැන්වලදී අදහස් දක්වා ඇති බව සඳහන් වේ.

(LNC)