Monday, October 21, 2024
Follow Us
ආණ්ඩුවේ උගුලට හසු වෙන්න එපා – වාසු ඒකාබද්ධ විපක්ෂයට කියයි

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරු මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් විවේචන එල්ල නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය සන්ධාන ගත වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන මූලික සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී “ජනාධිපතිවරයා සමග ඒ පක්ෂය සමග කථාබහ කරමින් පොදු එකඟතාවයකට එන්න උත්සහ කළ යුතුයි… එක්සත් ජාතික පක්ෂ විරෝධී එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට… පුළුවන් උත්සහයක් දැරිය යුතුයි. ඒ සඳහා පළුමුවෙන්ම ජනාධිපතිවරයාට සහ ශ්‍රීලනිපයට පහර ගැසීමෙන් වැලකී ඉන්න ඕනේ. එතුමාට බාධා කරන්නෙ මොකටද? එතුමා UNP එකත් එක්ක ගැටෙන වෙලාවේ. අගමැතිධූරයත් ලැබුණා.. විපක්ෂනායක ධූරයත් ලැබිලා තියෙනවා..ඒ ඔක්කොම ඇති වූ එකඟතාවයන් අනුවයි. ” යනුවෙන් සඳහන් කළා.

ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර මතභේදයක් ඇති කිරීම ආණ්ඩු පාර්ශ්වයේ උපක‍්‍රමයක් විය හැකි බවයි මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

(Lanka Leads)