Monday, October 21, 2024
Follow Us
මුජුබර් එල්ල කළ චෝදනාවට රතන හිමිගෙන් පිළිතුරු

තමන් වහන්සේ එල්. ටී. ටී. ඊ. ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටු කරන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් සිදු කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් ඊයේ (01) ප‍්‍රකාශ කළේ වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් රතන හිමියන්ගේ ක‍්‍රියා කලාපයෙන් ඩයස්පෝරාවේ අරමුණු ඉටුවන බවයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් විමසීමක් කළා. උන්වහන්සේ කියා සිටියේ තමන් සටන් වදින්නේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව බවයි.

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සඳහා එක පෙරමුණක් ගොඩනගන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

(Neth)