Monday, October 21, 2024
Follow Us
සක්කරයාගේ පුතා වයිමා ආවත් ගෝඨාව නවත්වන්න බැහැ (VIDEO)

සක්කරයාගේ පුතා වයිමා ආවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට නොහැකි බව පර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම වැලැක්වීම සඳහා ඇතැමුන් කටයුතු කරමින් හිඳින බවයි රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ.

මේ වන විට ඇමරිකාවට ගොස් නඩු දැමීම ආරම්භ කර තිබෙන අතර තොග ගණනින් නඩු වැටෙමින් පවතින බව මන්ත්‍රීවරයා පැවසුවේය.

(LNW)